Follow

විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවීමට එරෙහිව සටන් වදිනු! wsws.org/si/articles/2020/10/1

· · Mastodon Twitter Crossposter · 1 · 0 · 0

@lohang නවක වධය නැවැත්වීමට ගන්න මේ පියවර ගැන මං නම් සතුටුයි. ඔය ආකාරයට "ඔත්තුකාරයෝ එනෝ", "නිදහස නැති වෙනෝ" කිය කියා කෑ ගහන අය නවක වධයට එරෙහිව කතා කරන බවක් හෝ කිසිම පියවරක් ගන්නා බවක් පෙනෙන්න නැහැ. සමහර විට ඒ අයම වෙන්නත් පුළුවන් මේ මෝඩ සම්ප්‍රදාය පවත්වාගෙන යන්නේ සහ ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ.

නවක වධය සිදුකරන අයත් සමාජයේ අකටයුතු, රාජ්‍ය බලපෑම්, සමාජ විෂමතා ගැන බණ කියනවා. නමුත් ශිෂ්‍යයින්ගේ ස්වාධීනත්වයට සහ නිදහසට වැඩිම බලපෑමක් එල්ල වෙන්නේ ඒ අයගෙන් ම යි.

@lohang මං ඔයත් එක්ක තරහකට කියනවා නෙමේ මිත්‍රයා. ඔයාගේ අදහස්වලට ගරු කරනවා. තව කෙනෙක් අඳින්න, කන්න, බොන්න, යන්න, එන්න, ඉන්න ඕන විදිය ගැන නීති රීති දමා, ඒවා පිළිපැදීමට ශිෂ්‍යයින්ට විවිධ ලෙස (බෝහෝ විට මානසිකව) බලපෑම් කර යොමුකර ගන්නා නවකවධකාරයින්, රාජ්‍ය ඔත්තුකාරයින්ට තරමටම හානිකර බව තේරුම් ගන්න.

Sign in to participate in the conversation
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!