අහ්නාෆ් ජසීම් කවියාගේ 'නවරසම්' පද්‍ය සංග්‍රහය දැන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න. සිංහලට හා ඉංග්‍රීසියට පරිවර්තනය කර තව දුරටත් බෙදාහදාගන්න. ඔහු නිදහස් කරන මෙන් හැකි හැම තැනක ම හඬ නඟන්න, කතා කරන්න.
කුමාරතුංග මුනිදාස සූරීන්ගෙන් එම සංස්කෘත සුභාෂිතයෙහි වඩා කාව්‍යමය සිංහල පරිවර්තනයක් මෙන්න:
තෙරක් නොමැති කව් සසරේ
මහ බඹු කවියා විතරේ
ඔහු රිසි යමතෙක හැසිරේ
මුළු ලොව ඒ දෙසට හැරේ
අපාරේ කාව්යසංසාරේ - කවිරේකඃ ප්රජාපතිඃ
යථාස්මෛ රෝචතේ විශ්වම් - තථේදම් පරිවර්තතේ
තෙරක් නොපෙනෙන කාව්‍ය ලෝකයෙහි එක ම බ්‍රහ්මයා කවියා යි. ඔහු හැරෙන්නේ යම් අතකට ද, ලෝකය ම ඒ දෙසට හැරෙයි.
අහ්නාෆ් කවියා නිදහස් කරනු! ප්‍රකාශන නිදහසට අත නොතබනු! #FreeAhnaf #lka