එන්නත්කරනයේ ආන්තික අවිධිමත්භාවය මගින් වසංගතය පිලිබඳ ආන්ඩුවේ සාපරාධී පිලිවෙත ගැඹුරින්ම හෙලිදරව් කෙරෙයි wsws.org/si/articles/2021/03/0

"ජාතික එන්නත්කරන සැලැස්මෙහි ප්‍රමුඛතා අනුපිලිවෙල ලෙස පැවතුනේ සෞඛ්‍ය කාර්ය මන්ඩල, ආරක්ෂක අංශ, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යවශ්‍ය සේවා වල ඉහල අවදානම් කාන්ඩ යන ආකාරයටය."

"මෙවන් ප්‍රමුඛතාවන් සැලකීමේ මූලික අරමුනක් වනුයේ වසංගතයට වැඩි වශයෙන් නිරාවරනයවන වන සහ ඉන් වැඩි වශයෙන් මරනයට පත්වන සමාජ කාන්ඩයන් හඳුනාගෙන ඔවුනට පලමුව එන්නත ලබා දෙමින් වෛරසයේ පැතිරීම සහ මරන අවම කිරීමයි."

"වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා දීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන්නේ වෛරසය හේතුවෙන් මිය යන අයගෙන් සියයට 70 කට ආසන්න සංඛ්‍යාවක් එම වයස් කාන්ඩයේ වීම නිසාය."

"ආන්ඩුව මෙම ප්‍රමුඛතා අනුපිලිවෙල වෙනස් කරමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට එන්නත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225ට එන්නත් කිරීම ආරම්භ කලේය. වයස 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදීම අත් හැර තෝරාගත් කන්ඩායම් වල 30-60 අතර පුද්ගලයින්ට ද එන්නත ලබා දෙමින් සිටී."

Follow

"ලංකාව තුල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 85,000 ට සහ මරන සංඛ්‍යාව 500 ට ආසන්න වන තතු තුල වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව ආරම්භයේ සිට ගෙනගිය සාපරාධී පිලිවෙත රෝගය මර්දනය කිරීමේ සෑම අංශයක් ඔස්සේම ප්‍රකාශයට පත් වෙන අතර, එන්නත්කරනය මෙම තත්වය වඩාත් පැහැදිලිව පෙන්නුම් කරයි."

· · Mastodon Twitter Crossposter · 1 · 0 · 0

"නිශ්චිත කාලවේලා කලින්ම දැනුම් දෙමින් සහ මධ්‍යස්ථාන සංඛ්‍යාව ප්‍රමානවත් අයුරින් වැඩි කරමින් සංවිධිත ආකාරයකට එන්නත්කරනය සැලසුම් නොකිරීම හේතුවෙන්, වියපත්වූවන් පවා දිගු පෝලිම් වල තද අවුවේ තම වාරය එනතෙක් බලා සිටින අයුරු මාධ්‍යයන්හි ප්‍රදර්ශනය කෙරෙමින් පවතී."

"එන්නත්කරනයට තෝරාගෙන ඇති මධ්‍යස්ථාන පවා සමාජ දුරස්ථභාවය අනුගමනය කිරීමට හැකි ආකාරයේ පහසුකම් පවතින ඒවා නොවේ. දශක ගනනාවක සෞඛ්‍ය සේවයේ කප්පාදුව හේතුවෙන් ප්‍රාදේශීයව පවත්නා ඉතා සීමිත සංඛ්‍යාවකින් යුත් පොදු මධ්‍යස්ථාන පවා ඇත්තේ අඩපන වූ තත්වයන් යටතේය."

"ආන්ඩුව ලැබී තිබෙන සොච්චම් එන්නත් ප්‍රමානය පවා භාවිතා කරමින් සිටින්නේ මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නොව මහා ධනපතියන්ට ලාභ ගරා ගැනීමට හැකි වන පරිදි වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමට තල්ලුවක් ලබා ගැනීමට ය."

Sign in to participate in the conversation
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!