එන්නත්කරනයේ ආන්තික අවිධිමත්භාවය මගින් වසංගතය පිලිබඳ ආන්ඩුවේ සාපරාධී පිලිවෙත ගැඹුරින්ම හෙලිදරව් කෙරෙයි https://www.wsws.org/si/articles/2021/03/05/vacl-m05.html
"මෙවන් ප්‍රමුඛතාවන් සැලකීමේ මූලික අරමුනක් වනුයේ වසංගතයට වැඩි වශයෙන් නිරාවරනයවන වන සහ ඉන් වැඩි වශයෙන් මරනයට පත්වන සමාජ කාන්ඩයන් හඳුනාගෙන ඔවුනට පලමුව එන්නත ලබා දෙමින් වෛරසයේ පැතිරීම සහ මරන අවම කිරීමයි."
"වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා දීම ප්රමුඛ අවශ්‍යතාවයක් වන්නේ වෛරසය හේතුවෙන් මිය යන අයගෙන් සියයට 70 කට ආසන්න සංඛ්‍යාවක් එම වයස් කාන්ඩයේ වීම නිසාය."
"ආන්ඩුව මෙම ප්‍රමුඛතා අනුපිලිවෙල වෙනස් කරමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට එන්නත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225ට එන්නත් කිරීම ආරම්භ කලේය. වයස 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදීම අත් හැර තෝරාගත් කන්ඩායම් වල 30-60 අතර පුද්ගලයින්ට ද එන්නත ලබා දෙමින් සිටී." #lka
"ලංකාව තුල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 85,000 ට සහ මරන සංඛ්‍යාව 500 ට ආසන්න වන තතු තුල වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව ආරම්භයේ සිට ගෙනගිය සාපරාධී පිලිවෙත රෝගය මර්දනය කිරීමේ සෑම අංශයක් ඔස්සේම ප්‍රකාශයට පත් වෙන අතර, එන්නත්කරනය මෙම තත්වය වඩාත් පැහැදිලිව පෙන්නුම් කරයි."
#SriLanka
"එන්නත්කරනයට තෝරාගෙන ඇති මධ්‍යස්ථාන පවා සමාජ දුරස්ථභාවය අනුගමනය කිරීමට හැකි ආකාරයේ පහසුකම් පවතින ඒවා නොවේ. දශක ගනනාවක සෞඛ්‍ය සේවයේ කප්පාදුව හේතුවෙන් ප්රාදේශීයව පවත්නා ඉතා සීමිත සංඛ්‍යාවකින් යුත් පොදු මධ්‍යස්ථාන පවා ඇත්තේ අඩපන වූ තත්වයන් යටතේය."
"ආන්ඩුව ලැබී තිබෙන සොච්චම් එන්නත් ප්‍රමානය පවා භාවිතා කරමින් සිටින්නේ මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නොව මහා ධනපතියන්ට ලාභ ගරා ගැනීමට හැකි වන පරිදි වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමට තල්ලුවක් ලබා ගැනීමට ය."
#SriLanka #COVID19SL