Follow

1) හදිසි අවස්ථාව සමඟ ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ නැතුවම බැරි ජීවිතාරක්ෂක ඖෂධය වන මුස්ලිම් ජනතාවට එරෙහි වර්ගවාදී පෙළගැසීම් අලුත් කරන ලකුණු පේනවා. තමන් මුහුණ දෙන දේශපාලන හා සමාජ අර්බුදවලින් ගොඩ යෑමේ මඟක් ලෙස වාර්ගික ප්‍රකෝපකරණය දකින කොටසක් කවදත් මෙරට ආණ්ඩු තුළ හිටියා. අදත් ඉන්නවා.

· · Mastodon Twitter Crossposter · 1 · 0 · 0

2) නවසීලන්තයේ සිදුවීම් හේතුවක් ලෙස ගනිමින් ගලගොඩඅත්තේ ඥානසාර ප්‍රමුඛ බොදුබල සේනා ෆැසිස්ට් නඩය අහ්නාෆ් ජසීම් කවියා, නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු ඔප්පු නොකළ ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවේ සිටින පිරිස්වලට එරෙහි උද්ඝෝෂණය යළි පනගන්වා ඇත්තේ සැබැවින් ම මේ සන්දර්භය තුළ යි.

3) ඔවුන්ගේ අරමුණ සමස්ත මුස්ලිම් ප්‍රජාව කෙරෙහි සැකය, භීතිය පතුරමින් කම්කරු පන්තිය ඇතුළු පීඩිත මහජනතාවන්ගෙන් ආණ්ඩුවට එල්ල වන ප්‍රතිප්‍රහාරය බෙදා දුබල කිරීම යි. ඥානසාර තර්ක කරන්නේ "ම්ලේච්ඡ ත්‍රස්තවාදය" ඉස්ලාම් ආගම තුළ ම ගැබ් ව ඇති බව යි web.archive.org/web/2021090503

4) මේ ක්‍රියාවලිය සඳහා ෆැසිස්ට් නඩවලට සුදු රෙදි පොරවා, සමාජ සේවක ලීලාවෙන් වේදිකාගත කිරීම රජයේ ආයතන හරහා පසුගිය සති කීපය තිස්සේ සිදු කෙරෙමින් තියෙනවා. මේ ඔවුන් "බුද්ධ ශාසන අමාත්‍යාංශයේ දැනුවත් කිරීමක් අනුව" වසංගත මර්දනය සඳහා මුදල් ආධාර "සොයා දෙන" අයුරුයි lankadeepa.lk/news/%E0%B6%A9%E

Sign in to participate in the conversation
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!